Friday, May 8, 2015

Galle-face

දිනක් මහ දවාලක
පෙම්වතුන් ‍යුවලක්
Galle-face බංකුවක් මත
නිල් පාට මුහුද දෙස බලමින්
දිගම දිග කතාවක
සැනෙක් ආ සුළඟට
ගසාගෙන ආ ලේන්සුවක් රැදුනි මා දෙපය ලඟ
කඳුළු බිදු ගොන්නක් ගුලිවෙලා එක තැනක
තෙතම තෙත බරිවෙලා මල් වැටුණු ලේන්සුව

Thursday, May 7, 2015

ස්තුව......


මා විසින් 
ආයාසයෙන්
ලබාගත්
වස්තුව
බව විසින්
පහසුවෙන්
උදුරාගත් සැටි.

වස්තුව

වස්තුව.......

මා විසින්
ආයාසයෙන්
ලබාගත්
වස්තුව
ඔබ විසින්
පහසුවෙන්
උදුරාගත් සැටි.

Thursday, February 2, 2012

පැපරාසියා

පැපරාසියා          නංගි ටිකක් ඉන්නකෝ
                           ඇවිදින් හිට ගන්නකෝ 
                           පොටෝ එකට 
                           ඹයා එලට කැපෙනවා

නංගි                    අයිය නිකන් ඉන්නකෝ
                           මට යන්නට දෙන්නකෝ 
                           පාරේ අයට මේව හොදට පේනවා


පැපරාසිය           නංගි හරිම හැඩකාරයි
                          බැළුවමනම් සිරියාවයි
    
නංගි                   අයිය හරිම වදපාටයි 
                          බේරෙන්නට බැරිගානයි


පැපරාසිය          අතන මෙතන ඇවිද ඇවිද
                         පොටෝ අපිත් ගන්නවා
                         ඒ මදිවට නංගි අනේ අපට ගණන්දානවා


නංගි                  අම්ම අප්ප ගෙදර ඈයො
                         මේවට හරි අමනාපයි
                         දැනගත්තොත් අනේ අයියෙ
                         බේරෙන්නට බැරි ගානයි


පැපරාසිය          නංගි මොකෝ බයවෙන්නේ
                         ඒක රැයකින් රූපෙ ඹබේ
                         දානව මම පත්තරයේ
                         අලි තඩිවට මුල් පිටුවේ


නංගි                  අනේ අයියෙ ඒක ශෝක්
                         දෙන්නන්කෝ රූපෙ මගේ
                         එක රැයකින් දිදුලන්නට
                         තරු ලෝකේ බබලන්නට


පැපරාසිය           ලා...වට කෝ හිනාවෙන්න
                          නිකට මදක් උස්සගන්න
                          ඇස් කොනකින් බලාගන්න
                          දෙන්න ඹබේ මද හිනාව


නංගි                    හී..........
  
පැපරාසිය           ටොක්.....




නංගි                    අයිය හරිම පිංපාටයි
                           නංගිලාට කරුණාවයි


පැපරාසිය            නංගි හරිම හැඩ පාටයි
                           පොටෝ එකට සිරියාවයි
              

Thursday, January 26, 2012

නිකන් ඉන්න එකේ දාමුද බිම්මල් වගාවක්



ඹයෙස්ටර් හතු ඉටි කවර තුළ ලීකුඩු මත වගා කිරීම.

      අවශ්‍ය ද්‍රව්‍යය

  1. අඹ රබර් ඇල්බීසියා වැනි සැහැල්ලු ලී කුඩු කිලෝ ග්‍රෑම් 100.
  2. සහල් නිවුඩු  කිලෝ ග්‍රෑම් 10
  3. කැල්සියම් කාපනේට් කිලෝ ග්‍රෑම් 2(හාඩ්වෙයා වලින් මිල දී ගත හැකිය.)
  4. මැග්නීසියම් සල්පේට් ග්‍රෑම් 200(පාමසි වලින් මිල දී ගත හැකිය)
  5. සෝයා පිටි කිලෝ ග්‍රෑම් 1
  6. ඡලය
  7. පොලි පොප්ලීන් අගල් 8*13 බැග්
  8. අගල් 1 ක් උස අගල් 1/2-1 ක් විශ්කම්බය ඇති පීවීසී බට කැබලි.
  9. පුළුන් හෝ නූල් කැපලි.
  10. රබර් බෑග්.
  11. අගල් 4*4ප්‍රමාණයේ කඩදාසි කැබලි හෝ පොලිතින් කැපලි.
  12. ඉටි පන්දම් කිහිපයක්
  13. බැරලයක්
  14. සන්ලඩයක

සාදාගන්නා ක්‍රමය
   

  •  හලා ගත් ලී කුඩු සිමෙන්ති පොලවක් මත දමන්න.
  • එයට සහල් නියුඩු හා සෝයා පිටිද එකතු කර හොදින් මිශ්‍ර කරන්න
  • එයට කැල්සියම් කාබනේට් ද එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • ඡලය භාඡනයට මැග්නීසියම් සල්පේට් එකතු කර මිශ්‍ර කරන්න.
  • මිස්රණයෙන් මිටක් අල්ලට ගෙන මිරිකා ඇගිලි අතරින් යන්තමින් වතුර බින්දු සේ කාන්දු වන තත්වයට පැමිණි පසු මිශ්‍රණයට ඡලය එකතු කිරීම නවතන්න.
  • ඉන්පසු මෙම මිශ්‍රණය එලෙසින්ම දවසක් තබන්න.
  • පසු දින ඉහත සදහන් කළ ප්‍රමාණයේ පොලිපොප්ලීන් බෑග් වලට ඉහත මිශ්‍රණය දමා හැකි පමන තද කිරීමෙන් පුරවන්න.
  • පිරුණු පසු එස්ලෝන් පට කුබැල්ල දමා (බෝතලයක් සේ සිටින ලෙස)පසුව  පුලුන් ඇබය ගසා එය ඉටි කොලයකින් හෝ කඩදාසි කැබැල්ලෙන් වසා රබර් පටියක් දමන්න.
  • මෙම ලී කුඩු පිර වු මුලු බැරලයෙන් තම්බා ගන්න.පසුව එය නිවෙන්නට හරින්න.

       සියලුම බෑග් නිවුණු පසු බිම්මල් බීඡ එන්නත් කිරීම සිදු කල හැකිය.ඒ සදහා පිරිසිදු මේසයක් ස්ප්‍රත්තු ලාම්පුවක් හෝ ඉටි පන්දමක් අවශ්‍යෙව්.
            පලමුව ලී කුඩු මිශ්‍රනය සහිත මල්ලක් ගෙන එහි පුළුන් ඇබය ඉවත් කරන්න.බීඡ පැකට් විවෘත කර ඉන් බීඡ ස්වල්පයක්(තේ හැදි දෙකක්)ලී කුඩු මත තබා පුලුන් ඇබය ගසා ඉටි කොල කැබැල්ලෙන් වසා රබර් පටිය දමන්න.
       මෙසේ පබීඡ එන්නත් කළ පසු මෙම බෑග් දින 25 ක් අදුරේ තබන්න.දින 25 කට පමණ පසු බැලු විට ලී කුඩු මත සුදුපාට දිලීර ඡාල දැකිය.පසුව මෙම ලී කුඩු මල්ලේ මුහුනත පැත්තෙන් ඉටි කොලයේ රවුමක් සේ කපා  ඉවත් කර සී තල ඇති ස්ථානයක හරස් අතට ගොඩ කර තබන්න.

ඡලය සම්පාදනය.
       උදේ සවස මීදුමක් සේ ඡලය ඉසින්න.විවෘත වු ලී කුඩු මතට වතුර දැමීමෙන් වලකින්න.අවට වහලයට බිත්ති සහ පිමට ද උදේ සවස ඡලය ඉසින්න.තෙත ගෝනි එල්ලා අවට ආර්ද්‍රතාවය පවත්වා ගන්න.
      දින කීපටකින් බිම්මල් පපීම ආරම්බ වේ.