Wednesday, December 7, 2011

අළු මිනිස්සු

මම මේ කතාව ලියන්නෙ සත්‍ය සිදුවීමකුත් මේ කට එකතු කරගෙනයි.ඒත්  මට මේ සිදුවීම වුනේ කවදද කවුරු අතින්ද කොයි ගමේද දවස කවදද කියල විස්තරනන් මම දන්නෑ. ඒත් මට ඹ්න වුනේ වටිනා ජ්ව්ත වලට නොහිතන විදිහට ඉරනම වෙනස්වෙන්නෙ මහ පුදුම විදිහට කියන්නයි. ඒනිසා මට මේක වුනේ කාටද කියක එකවත් ගම මොකක්ද කියන එකවත් වැදගත් නෑ. මම මේ කතාවෙ පුධාන චරිතෙට මට හිතෙන නමක් දානව ගුණපාල ඒනම මං හිතනව හොදයි කියල


                         ගුණපාල කියන්නෙ අහිංසක අසරණ මිනිහෙක්.ගුණපාලට හරිහපන් රස්සාවක් තිබුනෙ නෑ. අත පය හොලවල වැඩක් පලක් කරල කීයක් යරි හොයා ගැනීමේ අරමුනට නොයා ගුණපාල කළේ සල්ලි හොයන ලේසි ක්‍රම හොයාගෙන ගියපු එකයි.මේ නිසා ඹහු හොරකන් කරන්න පුරුදු වුණා.ගුණපාලට හොරකන් කරන්න යන්න උදව් කරන්න සගයෙකුත් ඹහුට හිටිය. හොරකන් කරන්ඩ යනකොට ආරක්ෂාවටෙයි කියල පිස්තොලයක් ගුණපාල ගාව තිබුන එකනන් හැබෑව ඒත් ගුණපාල කවදාවත් ඒතුවක්කුව මිනිහෙක් මරණ තැනට භාවිත කරන්න තරම් දරුනු උනුනෑ.දවසක් ගුණපාලයි ඹහුගෙ සගයයි තමන්ගෙ ගමේ තැපැල් කන්තේරුවෙ මන්කොල්ල කන්න තීරණය කළා.යෝජනා කර ගත්ත විදියට තැපැල් කන්තෝරුවටබ ඇතුළ් වෙලා ලාච්චු ඹක්කොම ඇරල බැළුව.කන්තෝරුවටම තිබුනෙ රැ30 යි.ලාච්චු අරින වහන සද්දෙටද තැපැල් කන්තෝරුවෙ මුරකාරය එතනට ආව.ගුනපාල මුරකාරය දැක්කාම බය වුණා.මුරකාරය විජහට තමන්ගෙ ළග තිබුනු දුරකතනයෙ රිසිවරය පොලිසියට කතා කරන්නයි.ගුනපාල බ්ය වුනපාර කෝපයෙන් "තියපන් තියපන්"කියල කෑගැහුව.ගුණපාලඑහෙම කෑගැහුවේ මුරකාරයටයි.ඒ රිසිවරය තියන්න කියලයි.ඒත් ගුණපාලගෙ සගය හිතුවෙ ඹහුට වෙඩි තියන්න කියල අණ කළා කියලයි.ගුණපාලගෙ සගය එක සැරේ වෙඩි තිබ්බ.මුරකාරය මැරුණා.අවසානෙට ගුණපාල පිට හොරකන් කිරීම සහ මිනියක් මැරීම යන බරපතල වැරදි සදහා ජීවිතාන්තය තෙක් හිර දඩුවම් විදින්න සිද්ද වුණා.


                                ගුණපාල රැ 30 කටයි නොකරපු මිණීමැරුමකටයි තවමත් හිරගෙදර කොටුවෙලා.ගුණපාල හීනකින්වත් හිතන්න නැතුව ඇති මිනිහෙක් මරන්න.ඒත් ඹහුගෙ ඉරනම විසදුනෙ මෙහෙමයි.
            මේ ගුණපාලගෙ කතාව.
                       මට මේ ලෝකෙ හොදයි කියල කිසිම මිනිහෙක් හමුවෙලා නෑ .ඒ එක්කම මම කියන්න ඹ්න මට නරකයි කියල කිසි කෙනෙක් හදුවෙලා නෑ.මට හමුවෙලා තියෙන්නෙ හොද නරක කවලන් උනු අළු ම්නිස්සු.ඒ      කියන්නෙ සුදුත් නැති කළුත් නැති අළු මිනිස්සු.අද හැමෝම කතාවෙන චොප්පෙල ගාවත් නරක ගති වගේම අගය කරල ඉවර කරන්න බැරි හොද ගති තිබිය හැකි.අපි බෝධිසත්වයො වගේ දකින අය ගාව හිතාගන්න පැරි
මහ පහත් ගති තිබිය හැකි.මේ කතාකරන මි ගාවත් හොද වගේම නරකත් තියෙනව.ඒනිසා මාත් අළු චරිතයක් කියල හදුන්වන්න ලැජ්ජ නෑ.හැම මිනිහෙක්ම මේ ලොකෙට වැදගත්.ඒ හැම මිනිහෙක් නිසාම මේ ලෝකෙ ලස්සන වෙනව.හැම මිනිහෙකුටම මේනිසා ආදරය කරමු.