Sunday, January 8, 2012

වඩ්ඩ

කැටයම් බීරලු දාල
මල් දාල වැල් යවල
වී ඇති පුංකලස් දෙකක් 
දොරවල් දෙකටත් ඇදලා
මේක තමා අල්මාරිය

පියා හැදු  අල්මාරිය


උදේ ඉදන් රෑ වෙනකන්
හැදුවත් ඇද පුටු මේස
ලොකු අක්කගෙ දෑවැද්දට
මෙන්ක කියා දෙන්න දෙයක් 

තිබුනේ නෑ අක්කා මිස


දීග ගියපු දා ඉදලා
ලොකු අක්කා කදුළු අරන්
පොඩි අක්කත් දැන් වයසයි

දීග දෙන්න නියම වයස


දෑවැදි නැති හිර ගන්නට
අක්ක යාළු කොල්ල බෑලු
ඒ හින්දා පොඩ් අක්කත්
එදා ඉදන් කදුළු අරන්



ඇදටත් පුටුවටත් අපට
බූරු ඇදේ සරණ මිස 
ලැබුනේ නෑ කිසිම දිනෙක
ඇද ඇතිරිලි කුෂන් මෙට්ට



පොඩ් මල්ලිට රස්සා නෑ
වයස නැතිව දෙන්නේ නෑ
මගෙ අක්කේ මේ ඇදවත්
අරන් යන්න තරහක් නෑ

ලී ගහලා වට කර ඇති
කබඩ් එකක් වගේ ගෙදර
උඹට අක්කෙ නිවනක් නෑ
තරහක්නෑ මගෙ අක්කේ
මේක අරන් දීග යන්න................

No comments:

Post a Comment