Thursday, January 12, 2012

නෙල්ලි දෝසි

                           කන්න කන්න ආස හිතෙන
                                      බෙහෙත් නෙල්ලිගේ 
                                                   නෙල්ලි දෝසිය

දැන් ඹයාලට මං කියල දෙන්නෙ නෙල්ලි වගේ පලතුරකින් රසවත් ඒ වගේම ගුනවත් නෙල්ලි දෝසියක් පිසගන්නා ආකාරයයි.
                 අපි මුලින්ම බලමු මේකට අවශ්‍ය  ද්‍රව්‍ය මොනවද කියල.

                           නෙල්ලි                 1 kg 
                           සීනි                       750g
                           එනසල් ඇට කිහිපයක්
                           කරාබු නැට් කිහිපයක්
                           පෙති කපාගත් ඉගුරු ස්වල්පයක්
                           ලුණු සුවල්පයක්
දැන් අපි බලමු මේක පිළියල කරගන්නා ආකාරය.


මුලින්ම ලබාගත් නෙල්ලි වල නැට් කඩා අවශ්‍ය ප්‍රමාණයේ භාඡනයකට දමා ගත යුතුයි. අනතුරුව මුලින් අපි සපයාගත් සියලුම ද්‍රව්‍ය මෙම නෙල්ලි භාඡනයට දමා නෙල්ලි තැම්බිමට පුළුවන් ප්‍රමාණයට වතුර එක්කර ගත යුතුයි.
අනතුරැව නෙල්ලි හොදට තැම්බීමත් සමග සීනි හොදට උණුවී නෙල්ලි ගෙඩ් රන්වන් පැහැයට හැරේ.අනතුරුව ගින්දර අඩුකරමින් නෙල්ලි දෝසිය හොදට කවලමි කරයුතුයි.
               මෙය දෝසි ප්‍රමාණයට හැරුණු පසු උදුනෙන් බාගන්න.දැන් ඹබට රසවත් නෙල්ලි දෝසියක රස බැලිය හැකිය.
         අපිට මේක ඹ්නනන් පාන් වගේ ආහාරයක් සමගද ආහාරයට ගන්න පුළුවන්.
            සීතකරනයක දමා අපිට මේක මාස 02 වගේ කාලයක් රසවත් ආහාරයක් ලෙස ගන්න පුළුවන්.


             අවවාදයයි දියවැඩියා රෝගීන්ට මෙය සීනි ධික ආහාරයකි. 

No comments:

Post a Comment